ස්ත්‍රීවාදය නමින් බ්ලොග් එකක් පටන් ගත්තේ සිංහල බුඩිස්ට් වෙබ් අඩවියේ පැවති සංවාදයක් හේතුවෙනි.එම සංවාදය ඉදිරියට ගෙනයාම එහි අරමුණ විය.ඒ හැර ස්ත්‍රීවාදය ගැන දැනුවත්බවක් නොතිබූ මේ රටේ ජනතාව දැනුවත් කිරීම එහි අරමුන විය.එහෙත් පසුව මට වැටහුනේ එකවරම දේශනයක විලාසයෙන් කරන මෙවැනි දැනුවත් කිරීමක් ප්‍රායෝගික නොවන බවයි.එම නිසා පසුගිය ඔක්තෝබරයේදී මෙය වසා දමන ලදී.
මෙසේ වසා දැමූ බ්ලොග් එකක් යළි පටන් ගන්නා විට කිසියම් හේතුදැක්වීමක් අවශ්‍ය යැයි සිතේ.මේ නිසා පළමු ලිපියෙන් මම ගනත් යමක් කිව යුතු යැයි සිතුවෙමි.
ස්ත්‍රීවාදය ගැන මගේ පළමු අත්දැකීම ඇති වන්නේ පාසල් වියේදීය.දිනක් මා පාසල් පුස්තකාලයේ පොත් බලමින් සිටින අතරවාරයේ එක් පොතක් මගේ ඇස ගැටුනි.එහි නම් කාන්තාව සමාජය හා විමුක්තියයි.එය මාර්ග ප්රකාශනයකි.මේ පොත මාක්ස්වාදී දෘෂ්ටි කෝනයකින් ලියන ලද්දකි.එය දැඩි පුරුෂ විරෝධී ආස්ථානයක පිහිටා තිබිනි.ඉතාම අරුම පුදුම අදහස් තිබුනි.එය කියවා ගෙන යන විට මට එක් හමුවූ පරිච්ඡේදයක් නම් " ගබ්සා විරෝධී නීති වලට අප එරෙහි විය යුත්තේ ඇයි " යන්නයි.මම තක්කු මුක්කු වීමි.තව පරිච්ඡේදයක් වූවේ මවු බව නැමැති මායාව යන්නයි .මට කට උත්තර නැති විය.
එසේම තවත් පරිච්ඡේදයක තිබුනේ කාන්තා විමුක්තියයි සමාජ ව්‍යුහය බිද දැමීමයි යන්නයි.මට තවත් එම පොත බලන්නට වත් බැරි විය.මේ මොන සමාජ ව්යසනයක්දැයි මට සිතුනි.මා පුස්තකාලයෙන් එළියට ආවෙමි.ඉන් පසු මේ පොත මගේ මනසට වදයක් විය.මෙය වෙලා අරගෙන කියවා යම් අධ්‍යනයක් කළ යුතු යැයි සිතුවෙමි.ඉන් පසු දිනක මෙම පොත හොඳින්ම කියෙව්වෙමි.මෙම මතවාදී විශබීජය මාක්ස්වාදය සමඟ බද්ධ වූවක් බව මට අවබෝධ විය.
මාක්ස්වාදයේ නිර්ධන පන්තිය හා ධනපති පන්තිය අතර ගැටුම අනුකරනය කර ස්ත්‍රීවාදීහු ස්ත්‍රිය හා පුරුෂයා අතර ගැටුමක් නිර්මාණය කර ඇත.මෙහිදී ස්ත්‍රිය පීඩිතයාය පිරිමියා පීඩකයාය/ස්ත්‍රිය ගොදුරය පිරිමියා සූරා කන්නාය.මාක්ස්වාදීන් කියන ලෙසින් ධනවාදී සමාජයක මෙවැනි මතවාද කරදරයක් නැතිව ඉදිරියට ගෙන යා හැක.මන්ද හැම ප්‍රශ්නයක්ම ධනවාදයේ වරදක් ලෙස පැවසිය හැකි බැවිනි.එහෙත් මාක්ස්වාදීන් පවසන විප්ලවය ඇතිවුනොත් පශ්චාත් විප්ලවීය සමාජයේ මෙවනි විකාරයන් ප්‍රායෝගිකද?
මට මාක්ස්වාදය තිත්ත විය.කල්කදුරු තිත්ත විය.මාක්ස්වාදීන් හා වමේ පක්ෂද තිත්ත විය.රතු පාට පේන්න බැරි විය.
ස්ත්‍රීවාදයට න්‍යායික පදනමක් සැපයුනේ මාක්ස්වාදයෙන් බව සැබෑ වුවත් ස්ත්‍රීවාදය මහා ජයග්‍රහණ ලැබුවේ බටහිරදීය.ඊට හේතුව ලිබරල්වාදය නිසා බටහිර සමාජය විසංවිධානය වෙමින් පැවතීමය.මෙය මෙසේ කියන්නේනම් එකට බැඳුන සමාජය කැඩී බිදී යමින් පැවතුනි.මේ පස ස්ත්‍රීවාදයට සරු තෝතැන්නක් විය.බටහිර පැවතියේ විසංයෝජනයකි.ආගම,පවුල ආදී සියල්ල බිඳ වැටී පුදගලයා දක්වාම සමාජය විසංයෝජනය වෙයි.මෙහිදී ස්ත්‍රිය එක් සමාජයෙන් වියුක්ත එක් පුද්ගලයෙකි.
මීට ප්රතිවිරුද්ධව අපේ සමාජයේ ස්ත්‍රිය හා පුරුෂයා ලෙස බෙදීමක් නැතිව පවුල යන මුල් ඒකකය ගනන් ගැනේ.මේ කතාව කීවේ කරුණු පැහැදිලි කර දීමේ පහසුවටය.
පිරිමි විරෝධී හා පවුල් විරෝධී ස්ත්‍රීවාදය බටහිර ලෝකයේ මහා ජයග්රන ලැබීය.ස්ත්‍රිය දැන් වියුක්ත පුදගලයෙකි.ඒ සමඟම ගබ්සා අයිතිය ලැබුනි
ස්වාභාවික ලිංගික චර්යාවටද ස්ත්‍රීවාදීහු විරුද්ධ වෙති.එසේම සැමියා හා දරුවන් ස්ත්රීවාදීන්ගේ සතුරන්ය.ගෘහ වගකීම් වලට ස්ත්‍රීවාදීන් කියන්නේ වෛවාහික දාසභාවය කියාය.ස්ත්රීවාදීන්ගේ වෛරයට හේතුවී ඇති පවුල විනාශ කිරීමට විවිධ නීති පැනවීමට රජයන්ට බල කරති.පැය 24 ම නිවසින් පිට කර තැබීම විමුක්තියක් සේ දකිති.
පුවත්පත්වල ස්ත්‍රීවාදීන් ලියන ලිපි වල ඔවුන් ගේ නිවෙස් වල උදේ ආහාරය පිලියෙල කරන්නේ සැමියා හා පුතා බවත් රාත්‍රී ආහාරයට තමන් වාඩිවුනොත් නිවෙසේ අය පුදුම වන බව කියයි.එසේම මාස දහයක ළමයා දමා තමන් උසස් අධ්‍යාපනයට රට ගිය බවත් තමන් දැන් සාර්ථක බවත් කියයි.ජෙන්ඩර් ෆොරම් නම් ස්ත්‍රීවාදී කොලමක තිබූ අදහස් කීපයකි ඒ.එසේම ජෙන්ඩර් ටෝක්ස් නම් තවත් අන්තවාදී කොලමක මිනිහෙකුට උයන්න පුලුවන් නම් ඔහු විවාහ කර ගන්නැයි උපදෙස් දී තිබුනි.එසේම බැරැක් ඔබාමා ඔහුගේ බිරිදට බය බවත් එය ආදර්ශමත් බවත් කියා තිබුනි.මොවුන්ගේ මේ අන්තවාදී අදහස් කිහිපයක් ගෙනහැර දක්වූවේ මොවුන් කිසිම න්‍යායික පදනමක් නැතිව අගමුල පටලවා ගනිමින් සිටින්නන් බව කීමටයි.
ප්‍රධාන පෙළේ ස්ත්‍රීවාදීන් ඇන්දේ පැළැන්දේ ජීවත් වුනේ පිරිමින් ලෙසය.ජෙසී බර්නාඩ් නම් ස්ත්‍රීවාදිනිය මාතෲත්වය මායාවක් ලෙස පවසා ඇත.එසේම ජෙනී මුරේ නම් ස්ත්‍රීවාදිනිය ඇගේ පුංචි සතුරෝ නම් පොතේ පුතුන් හැදින්වූවේ පුංචි සතුරන් ලෙසය.බටහිර ස්ත්‍රීවාදය මොන තරම් අන්තවාදයක්දැයි මෙයින් පෙනේ.
ස්ත්‍රීවාදය යනු මාතෲත්වය හා ස්ත්‍රීත්වය හෙළා දකින මතවාදයකි.එබැවින් එය හෙලාදැකිය යුතුය.එසේම සියළු පවුල් සම්බන්ධතා සහ ගෘහ වගකීම් වලි කාන්තාව ඉවත් කිරීමට ස්ත්‍රීවාදීහු යෝජන කරති.ස්ත්‍රීවාදීන්ට අනුව මවුකිරිදීම යනු කාන්තාව වහල්භාවයේ හෙළීමකි.ස්ත්‍රීවාදය මොන තරම් සොබා දහමට විරුද්ධදැයි බලන්න.ස්ත්රීවාදයේ ප්‍රධානම අරමුණ මව සහ දරුවා අතර සම්බන්ධය බිද දැමීම වුනත් එම සම්බන්ධය ඉතා දැඩි බව වෛද්‍ය විද්‍යාත්මකවද හෙළි වී ඇත්තකි.
ස්ත්රීවාදයේ නවමු ස්වරූපය
ස්ත්‍රීවාදය යනු භයානක දෙයක් බව ඉවෙන් මෙන් බොහෝ දෙනා දන්නා නිසා දැන් අලුත් වචනයක් තනා ගෙන සිටිති.එය නම් ස්ත්‍රී පුරුෂ සමාජභාවයයි.මේ හරහා තනුක කරගෙන තිබෙන නමුදුඅන්තගාමී ස්ත්‍රීවාදී අදහස් සමාජ්ගත කිරීමට ස්ත්‍රී පුරුෂ සමාජභාවය හොඳ මාධ්‍යයකි.මෙහිදී ස්ත්‍රී පුරුෂ සියළු ක්‍රියාකාරකම් ස්ත්‍රීන් හා පුරුෂයන් මත සමාජයෙන් පටවන ලද ඒවා බව ඉගැන්වේ.මෙහිදී වක්‍රාකාරව කියන්නේ ඒ සියල්ල අවශ්‍ය නම් තහැර දැමිය හැකි බවයි.මාතූත්වය ,ස්ත්රීතවය ,මව සහ දරුවා අතර සම්බන්ධය ආදිය සමාජය විසින් පටවන ලද දේවල් නම් හැම දෙයක්ම එසේ සමාජයෙන් පටවන ලද දේවල් විය හැක.මේ විදියට කල්පනා කළොත් සමාජයෙන් පටවනු නොලැබූ කිසිම දෙයක් නැත.මෙහි අවසාන ප්‍රතිපලයද පවුල් වටිනාකම් හා සියලු සමාජ හර පද්ධති විනාශ කර හුදකලා යාන්ත්‍රික සමාජයක් ගොඩ නැංවීමයි.සියලු මානව සබඳතා බිද දැමීමයි.
විශ්ව විද්‍යාල වල කාන්තාව පිළිබද අධ්‍යන නම් විශයේදී මහා පරිමාන මොළ සේදීමක් සිදුවේ.එසේම ජාත්‍යාන්තර සම්මේලනවලදී දේශීය නියෝජිතවරියන් හරහා භයානක විශබීජ බටහිර නොවන රටවලට ප්‍රවාහනය කෙරේ.
ස්ත්‍රීවාදය යනු මානව සංහතිය වෙත පතිත කරන ලද පරමානු බෝම්බයකි.පැතිරෙන්නාවූ වසූරි වෛරසයකි.
ඉදින් ඉදිරියේදී දේශීය හා විදේශීය වශයෙන් සිදුවන සිදුවන සිද්ධීන් මත පදනම් වෙමින් කාලානුරුපව ස්ත්‍රීවාදය ක්‍රියාත්මක වන ආකාරය හා ස්ත්රීවාදීන්ගේ ක්‍රියාකාරකම් ඇසුරින් ලිපි සකස් කෙරෙනු ඇත.
ස්ත්‍රීවාදය ගැන සයිබර් අවකාශයේ මුලින්ම කතිකාව ආරම්භ කළෝ අප නොවෙති.එහෙත් විධිමත්ව ඒ ගැන අදහස් පළ කළේ අපය.මෙහිදී මා නිර්නාමිකව එන්නේ මන්දැයි කෙනෙකුට ප්‍රශ්නයක් විය හැක.ඊට හේතුවක් ඇත.මා සමාජයේ යම්තාක් දුරට පසිද්ධ පුද්ගලයෙකි.ඒ මගේ ආර්ථික ක්‍රියාකාරකම් නිසාය.මගේ ආර්ථික ක්‍රියාකාරකම් තරුණ තරුණියන් විශාල පරමානයක් හා සම්බන්ධ වන එකකි.ඔවුන් මා දකින විශේශී දෘෂ්ටියක් ඇත.මා මේ වන තුරු කිසියම් මතවාදයක් වෙනුවෙන් පෙනී සිට නැත්තෙමි.මේ නිසා හුදු දැනුවත් කිරීමකට එහා යමින් ක්‍රියාකාරකම් වල නියැලෙන්නට දැන්ම අදහසක් නැත.